Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2024 21:21:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පස්වන යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන ග්‍රන්ථයන් එළිදක්වයි

යුද්ධ හමුදා පුහුණුව, අධ්‍යාපනය සහ කාර්යය මණ්ඩල කටයුතු සඳහා නව පරිජේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගමන්මගෙහි සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩීයූ ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන ග්‍රන්ථයන් එළිදැක්වීම සිදුකරනු ලැබීය. එමගින් යුද්ධ හමුදා දැනුම සියලුම හමුදා සාමාජිකයින්ට අධ්‍යනය කල හැකි පරිදි සංශෝධනය කර ඇත.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවය අතරතුර අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සංශෝධිත ග්‍රන්ථයන්හි මංගල පිටපත් ප්‍රදානය කරනු ලැබීය. එහිදී, Army Field Manuals on Formation Tactics and Internal Security Operations, Glossary of Military Terms Handbook, Military Abbreviation Handbook, Operational Staff Work Handbook, and Staff Officers’ Handbook, සහ Command and Control and Leadership Handbooks යන ප්‍රකාශනයන් ද ‘Historical Reminiscences of Army Training Command and Directorate of Research Concept and Doctrine 2012-2023’ යන මැයෙන් සමරු ග්‍රන්ථයද එළිදැක්වීය.

සියලුම ප්‍රකාශනයන්හි විද්‍යුත් පිටපත් යුද්ධ හමුදා විද්‍යුත් ද්වාරය වෙත උඩුගත කරන ලද අතර, එමඟින් යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට මෙම ග්‍රන්ථයන්හි දැනුම ලබාගත හැක.