Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 13:08:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 18 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ. කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී වත්මන් රාජකාරි කටයුතු සාර්ථකව ඉටුකිරීම වෙනුවෙන් සියලු භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවති අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.