Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2022 15:03:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී ‘හමුදා සාහිත්‍ය පිළිබඳ’ දේශනයක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ප්‍රකාශයට පත්කරන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් සුජිත් චමින්ද ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශකවරුන් සහ සෙසුනිලයන් වෙනුවෙන් පසුගිය දා ‘හමුදා සාහිත්‍යය’ මැයෙන් දේශනයක් පැවැත්විණි.

මෙම දේශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 600 කට අධික පිරිසක් සහභාගී වූ අතර දේශනය සමාප්තියේ දේශකයා සමඟින් සුහද සංවාදශිලි සැසියක් සදහාද භටපිරස් වෙත අවස්තාව හිමිවිණි.