Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2020 17:52:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් උගත් කෙඩෙට් නිලධාරින් හමුදා සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත්වීමට සුදුසුකම් ලැබූ කෙඩෙට් නිලධාරින් විසින් ඔවුන් යුද්ධ හමුදාවේ තීරණ ගැනීමේ හැකියා සහිත වෘත්තීය සුදුසුකම් සැපිරූ කණ්ඩායමක් බව විදහාපාමින් සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම (18) දින ‘කොවිඩ් - 19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා රජයේ සහ සෞඛ්‍ය බලධාරින්ගේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී (Colonel Sino –Lanka friendship auditorium) ඉදිරිපත් කරනු ලැබූහ.

මෙම උත්සවයේ තවත් සුවිශේෂි අංගයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වාර්ෂිකව මුද්‍රණය කරනු ලබන ‘වාර්ෂික ජර්නලය’ එළිදැක්වූ අතර එහි මුල් පිටපත් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ඥාණරත්න විසින් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විද්‍යාපීඨයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ. best Running shoes | Nike Shoes