Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් බැංකොක් හිදී රන් සහ රිදී පදක්කම් හිමි කරගනි

‘තායිලන්ත ජවන හා පිටිය විවෘත මළල ක්‍රිඩා ශුරතාවලිය 2017’ ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, තායිපේ සහ සිංගප්පුරුව යන රටවල්වල සහභාගීත්වයෙන් බැංකොක් හි පැවති අතර, එහිදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් විසින් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 03 ක් හිමිකරගනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.කේ.කේ.කුමාරගේ මිටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් ද, එම රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඒ.කේ. කරුණාතිලක දස ප්‍රයාමය සඳහා රිදී පදක්කමක් ද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ කාන්තා සෙබළ යු.කේ.එන්. රත්නායක මිටර් 3000 බාධක ඉසව්වෙන් රිදී පදක්කමක් ද, එම බලකායේ කාන්තා සෙබළ එච්.ඩි.ඩි. ලක්ෂානි තුම් පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් ද හිමි කර ගනු ලැබීය.

තරඟාවලිය නිමාවෙන් අනතුරුව මව්බිමට පැමිණි මෙම පිරිස යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් විසින් පිළිගන්නා ලදි.

Best Nike Sneakers | Air Jordan Release Dates Calendar