Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2018 00:33:03 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවීකරණය කරන ලද බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කෙරේ

පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවීකරණය කරන ලද බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ ප්‍රධානත්වයෙන් නැවත විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියළුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් නියෝජනය කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි I එම්.ජි.එස්. කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

අනතුරුව, ශ්‍රී ලංකා පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ලුතිනන් ජෙනරාල් එච්.වී. අතුකෝරල (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් නවීකරනය කරන ලද ගොඩනැගිල්ල නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ (විශ්‍රාමික) සහ ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන රෙජිමේන්තු සැරයන් මේජර් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

මේ අතර, නිලධාරි නිවස්නයේ පැවැති සුහද හමුව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ධනංජනි කරුණාසේකර මහත්මිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් රැසක් ද සහභාගි වූහ.

Nike Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE