Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය අක්‍ෂරියන් ටයිගර්ස් ක්‍රීඩා සමාජයට

54 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් උප්පුකුලම් අල්පාත ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉකුත් සඳුදා (23) දින උප්පුකුලම් අල්පාත ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරඟාවලිය සඳහා සහභාගීවූ මන්නාරම දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රීඩා සමාජ පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට මන්නාරම අක්‍ෂරියන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

සිවිල් වැසියන් අතර සාමය, සමගිය සහ සංහිඳියාව වර්ධනය කිරීම සඳහා මෙන්ම ආරක්‍ෂක හමුදාවන් සමඟ පවතින සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

මන්නාරම කාශ්මීර් ලයන්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවැති අවසන් තරඟයෙන් අනතුරුව තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් මන්නාරම අක්‍ෂරියන් ටයිගර්ස් ක්‍රීඩා සමාජයට සම්මාන පිරිනමනු ලැබීය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර සහභාගි වූ අතර තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් කණ්ඩායමට රුපියල් 60,000/= ක් සහ අනුශූරතාවය හිමිකරගත් කණ්ඩායමට රුපියල් 30,000/= බැගින් මුදල් ත්‍යාග පිරිනැමීය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා මුර්වීදිය ජුම්මා පල්ලියේ ප්‍රධාන පියතුමන්, 54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගි වූහ. latest Nike Sneakers | NIKE AIR HUARACHE