Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2020 23:10:58 Hours

විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික අංශයේ රෝහල්වල කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව පිළිබද ‍අවධානය යොමුකරයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සඳහා අවශ්‍යතාවයක් ඇති වූවහොත් පුද්ගලික අංශයේ රෝහල් තුළින් ප්‍රතිකාර ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ මයියා ගුණසේකර, සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල, අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද සහ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ යන මහත්වරුන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග පුද්ගලික අංශයේ රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්‍ෂා කරනු ලබන වෛරස් ආසාදිත රෝගීන් සඳහා එම කටයුතු සිදුකරගැනීමට ඇති හැකියාව මෙන්ම එතුළින් රාජ්‍ය අංශයේ රෝහල්හි පවතින කාර්යබහුලත්වය අවම කිරීම මෙන්ම එතුලින් අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා පහසුවෙන් ප්‍රථිකාර කටයුතු සිදුකරගැනීමට ඉඩ ප්‍රස්ථාව පුළුල්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළහ.

අදාළ කරුණු සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු අනෙකුත් බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. තවද, එතුමන් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාවලියෙහි මේ වනවිට පවතින ක්‍රියාකාරකම් කවරේද, ඉදිරි සැලසුම් කවරේද යන්න පිළිබඳව ද ඔවුන් දැනුවත් කරන ලදී. Asics shoes | adidas Yeezy Boost 350