Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2018 16:46:37 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා 22 වන සේනාංකයේ භට පිරිස් සහාය

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සහ සේවකයින් සමඟ එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආන්දන්කුලම්,චීනවරාය සහ පාලායියුතු ප්‍රදේශන්හි වි‍ශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දෙසැම්බර් මස 27 සහ 29 දෙදින පුරා ක්‍රියාත්මක කරනු ලැබීය.

මෑතදි මෙම ප්‍රදේශවලින් ඩෙංගු රෝගින් විශාල ප්‍රමාණයක් වාර්තාවීම හේතුවෙන් උප්පවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ටී. ඉන්ද්‍රමති ගේ ඉල්ලීමකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා භට පිරිස්හි සහයෝගය ලබාදෙනු ලදි.

දෙදිනක් පුරා පැවැති මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ නිවාස 450 කට අධික ප්‍රමාණයක් පරික්ෂාවට ලක් කල අතර,ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන සහ අවදානම් සහිත ස්ථාන සොයාබලා විනාශකර,ඩෙංගු උවඳුර මැඩපැවැත්වීම සඳහා ජනතාව දැනුවත් කරන ලදි.

ආගමික සහ ප්‍රජා නායකයින් ද යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.

Sports brands | Nike Shoes, Clothing & Accessories