Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2021 08:52:21 Hours

විශ්‍රාම යන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේනාවිධායකතුමන්ගේ සේවය පැසසුමට

ආරක්‍ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කලමණාකරන ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කුමාර පීරිස් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී හමුවිය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එතුමන්ට යුද්ධ හමුදාධිපති විසින් සිදුකළ ආරාධනාවකට අනුව මෙම හමුව සිදු වූ අතර මේජර් ජෙනරල් කුමාර පීරිස් දශක 03 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය යුද්ධ හමුදාධිපති විසින් අගය කළේය.

මෙම සුහද හමුව අතරතුර එතුමන්ගේ කැපී පෙනෙන සේවය ඇගයීමට ලක් කල ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අභියෝගාත්මක ඉංජිනේරු ක්‍රියාකාරකම් සඳහා දැක්වූ සහයෝගයමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා එතුමන් කළ සේවය සහ අඛණ්ඩ කැපවීම ඇගයීමට ලක් කළේය. එසේම, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් කුමාර පීරිස් ගේ නිර්මාණාත්මක නිපැයුම් සහ මහජන උපයෝගිතා ඉදිකිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාවේ සහශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය තුල ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ එතුමන් රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිගෙන් ලැබුණු දිරිගැන්වීම් පිළිබඳව ද මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමීය. මෙම සුහද හමුවේ අවසානය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් කුමාර පීරිස් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. latest Running | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ