Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2020 16:03:08 Hours

විශ්‍රාම දිවියට පා තැබූ 53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව සහ රට වෙනුවෙන් ආදර්ශමත් සේවාවක් ඉටුකර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න සිකුරාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහද පිළිසඳරක නිරත විය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් අතීත මතකයන් සිහිපත් කරමින් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය.

මෙම සුහද පිළිසදර අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. Nike sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos