Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2020 09:00:58 Hours

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් නිකැළැල් සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිතයුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධනපසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන වෙත සිය කෘතඥතාවය පළ කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම්එක් කිරීමටද යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කළේය.තිස් වසරක් පුරා පැවතිකුරිරු යුධ සමයේ එතුමන්රට වෙනුවෙන්අවංකභාවයෙන් සහ කැපවීමෙන් සිදුකළ අපරිමිත කාර්යභාරය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.මෙම අවස්ථාවේදී, මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ සේවය පැසසුමට ලක් කරමින් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශේෂ සමරු තිළිණයක් ද එතුමන් වෙත ප්‍රදානය කළේය.මෙම සුහද හමුව අවසානයේදී මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන සිය විශ්‍රාම දිවියට පා තැබීම දක්වා එතුමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය ද පුද කළේය.මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

ඩී එස් සේනානායක විද්‍යාලයේ කීර්තීමත් ආදි ශිෂ්‍යයෙකු වන මොහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1985ජනවාරිමස 18 වන දින කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත් වීයුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1986මැයි මස31දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත ඇතුලත් කරනු ලැබිණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පාකිස්තානයේ බලුකිස්තාන් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී යුද අධ්‍යයනය උපාධිය (ගෞරව), ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් (Bradford) විශ්ව විද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය පිළිබඳ කුසලතාවන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියෙන් පිදුම් ලබා ඇත.කොළඹ මානව හිමිකම් ආයතනයෙන් මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරණ ඩිප්ලෝමාවක් මෙන්ම පිලිපීනයේ පිලිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු ද වනමෙතුමන් ජාතික ආරක්‍ෂක පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සහ පාකිස්තානයේ ක්වේටා (Quetta) අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකි.

එතුමන් වර්ෂ 1999 දී යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් නිරික්‍ෂණ පත්‍රිකාවට හිමි ‘ස්වර්ණමය පන්හිඳ’ (Commandant’s Golden Pen) සම්මානයෙන් පිදුම් ලැබීය. තවද, එතුමන්ගේ දෙස් විදෙස් පාඨමාලා අතර, ඉන්දියාවේ මෝහොව් යුධ හමුදා විද්‍යාලයේ සහ පිලිපීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව,ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉන්දියාවේ පූනේහි හමුදා ඉංජිනේරු විද්‍යාලයේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, මධ්‍යම වෘත්තීය පාඨමාලාව සහ පාකිස්ථානයේ රිසාල්පූර්හි හමුදා ඉංජිනේරු විද්‍යාලයේ බෝම්බ නිශ්ක්‍රිය කිරිමේ පාඨමාලාව ද ඇතුළත් වේ.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ දැරුමාණ්ඩලික, උපදේශක සහ අණදීම් තනතුරු අතර, සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (මෙහෙයුම්),කොළඹ යුද්ධ හමුදා රෝහලේ මාණ්ඩලික නිලධාරී II, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විධායක නිලධාරී මෙන්ම මාණ්ඩලික නිලධාරී, 53 වන සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (මෙහෙයුම්),යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (පුහුණු), 56 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් තනතුරු ද හොබවා ඇත.

එතුමන්ගේ දශක තුනකට අධික දීර්ඝ යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය තුළ, පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරීමේ (Explosive Ordnance Disposal Unit) ඒකකයේ නිලධාරි අණදෙන ඇතුළු අණදීමේ තනතුරු රාශීයක් හොබවා ඇත. එතුමන් 8 වන ඉංජිනේරු රෙජිමේන්තුවට සහ 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට අණදුන් අතර එම කාලයේ එතුමන් වවුනියාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කමිටුවේ ප්‍රධානියා විය. තවද, එතුමන් පේදුරුතුඩුවේ පිහිටි 542 වන බලසේනාවේ බලසේනාධිපති ලෙසත්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වසර තුනකට අධික කාලසීමාවක් සේවය කළ එතුමන් ඉන් අනතුරුව ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස පත් විය. යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික තනතුරු රැසක් හොඹවා ඇති මෙම නිලධාරී යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක තනතුර ද වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ 41 වන සේනාවිධායක සහ වර්ෂ 2020 ජූනි මස 01 දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර සහ වර්ෂ 2019 ජූලි මස 23 වන දින සිට විශ්‍රාම ලබන තුරු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක තනතුර හොබවනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය වෘත්තීය දිවිය තුළ දෑරු උපදේශක පත්වීම් අතරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ උපදේශක නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හමුදා අංශයේ පුහුණු කණ්ඩායමේ ප්‍රධානි තනතුර ද ඇතුලත් විය.

දක්‍ෂ ක්‍රීඩකයෙක් වන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිරග්බි, පාපන්දු සහ හොකී යන ක්‍රීඩා ඉසව් තුලින්ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කර ඇත.එමෙන්ම, එතුමන් යුද්ධ හමුදා පිහිනුම් හා වෝටර් පෝලෝ (Water-Polo) කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ උප සභාපති සහ යුද හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති ධූර‍යන් ද හොබවා ඇත.මේ වනවිට, එතුමන් යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති ධුරය ද දරයි. සතුරා ඉදිරියේ එතුමන් දැක්වූ නිර්භීතකම වෙනුවෙන් ‘රණ ශූර පදක්කම’ ද මනා යුධ හමුදා විනය හා සේවය අගයමින් ‘විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම’ සහ ‘උත්තම සේවා පදක්කම’ යන විශිෂ්ඨ පදක්කම්වලින් පිදුම් ලබා ඇත. ඊට අමතරව, මෙතුමන් තවත් පදක්කම් 10 කට අධික ප්‍රමාණයකට හිමිකම් කියයි.මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සාගරා මැතිණිය සමඟ විවාහ වී සිටින අතර ඔවුන් දෙපළට නඳුනි, සඳුනි සහ කසුනි නමින් දූවරුන් තිදෙනෙකු ද වේ. Running Sneakers Store | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK