Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2023 10:25:14 Hours

විශ්‍රාම දිවියට පා තබන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන වැඩබලන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වසර 34 කට අධික කාලයක් පුරාවට යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ වර්ෂ 2009 ට ප්‍රථම පැවති මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා පාබල හමුදා නිලධාරියෙකු වශයෙන් දක්වනු ලැබු දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් මතකාවර්ජනයක කරනු ලැබීය.

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළ අතර, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද පිරිනැමුවේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ද යුද්ධ ද හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2021 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයන් හොබවනු ලැබීය. එමෙන්ම, වැඩබලන මාණ්ඩලික ප්‍රධානි ධූරය ද එතුමන් විසින් හොබවන ලදී. එතුමන්ගේ සේවා කාලය තුළ, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, විධායක අධිකාරි, නිලධාරි අණදෙන, වැඩබලන දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 553 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ උපදේශක, කොළඹ මෙහෙයුම් විධානයේ මාණ්ඩලික නිලධාරී 11, 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක සම්බන්ධීකරණ ඒකකයේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, කොළඹ මෙහෙයුම් විධානයේ කලාප අණදෙන නිලධාරි, කොළඹ යුද්ධ හමුදා රෝහලේ මාණ්ඩලික නිලධාරි I (පාලන), නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘති භාර නිලධාරි, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 542 පාබල බලසේනාවේ කාර්යේ නියුක්ත බලසේනාධිපති, 661 පාබල බලසේනාවේ බලසේනාධිපති, ‘නෙළුම් පොකුණ’ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

රණබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කමෙන්’ ද පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, තරුණ නිලධාරින්ගේ පාඨමාලාව, බලඇණි බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පරිඝණක පාඨමාලාව, නිලධාරී මධ්‍ය වෘත්තීය ඒකක පරිපාලන පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පාඨමාලාව, විභව නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක පාඨමාලාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරින්ගේ පාබල හමුදා පාඨමාලාව - පාකිස්තානය, මෝටාර් (නිලධාරි) පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, සුළු අවි ප්‍රගුණ කිරීමේ පාඨමාලාව - තායිලන්තය, ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අධ්‍යක්‍ෂවරුන් සහ පුහුණුකරුවන් පුහුණුකිරීමේ පාඨමාලාව - ඉතාලිය, ජාතික ආරක්‍ෂාව සහ යුද පාඨමාලාව - පාකිස්තානය සහ බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ වෘත්තීය හා ගෝලීය සම්බන්ධතා පිළිබඳ ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ගැටුම් නිරාකරණය සහ නිපුණතා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් උසස් අධ්‍යාපන ආයතනයේ මානව සම්පත් කළමනාකරණය විධායක ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ යුද පාඨමාලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යයන පාඨමාලාවන් ද හදාරා ඇත.