Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2018 10:00:10 Hours

විරඹුගෙදර ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා සාමාජිකයින් සහන සලසයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුගම සහ කිඳුරුවැල්ල ග්‍රාම සේවා වසම් හරහා බදාදා (15) දින උදෑසන හමාගිය අධික සුළි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 143 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් යොදවනු ලැබීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසියේ ඇතිවූ සුළි සුළං හේතුවෙන් එම ප්‍රදේශයන්හි නිවාස 96 ක් හානියටපත් වී පුද්ගලයින් 292 ක් පීඩාවට පත්විය.

පීඩාවට පත් ජනාතාවට අවශ්‍ය සහන සැලසීම් කටයුතු සඳහා යුද්ධ හමුදා නිලධාරින් 3 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි වූහ.

මේ පිළිබඳ සැලවු වහාම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.පී.ඩි. දිසානායක ගේ පූර්ණ අධීක්‍ෂණය මත එම ප්‍රදේශයන්හී සහන කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවනු ලැබූ අතර යුහුසුළුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් පැය කිහිපයක් තුල මාර්ගයන් හරහා කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් ප්‍රදේශයේ ගමනාගමනය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කළහ. buy shoes | Men's Sneakers