Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 20:07:20 Hours

වාර්ෂික ශ්‍රී පාද වාරය ආරම්භ කිරීමට කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සහාය

වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට දායක වෙමින් කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් දෙසැම්බර් 07 සහ 08 යන දෙදින තුල සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව සහ දේවාභරණ යන පූජනීය වස්තූන් පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට පලාබද්දල පුරාණ විහාරය දක්වාත් අනතුරුව ශ්‍රී පාද මහා මළුව දක්වාත් වැඩම කරවීමට සහයෝගය දක්වන ලදී.

බෞද්ධ චාරිත්‍රානුකූලව ගැමුණු හේවා භටපිරිස් උඳුවප් පුර පසළොස්වක පොහොය දින සුභ මොහොතින් එම පූජනීය වස්තු රැගෙන පා ගමනින්ම ශ්‍රී පාදස්ථානයේ උඩ මළුව දක්වා වැඩම කරවනු ලැබීය. ශ්‍රී පාද විහාරස්ථානාධිපති හිමියන්ගේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සිදුකරනු ලැබූ ආරාධනයෙන් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ගැමුණු හේවා බලකා භටපිරිස් විසින් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අඛන්ඩවම සිය දායකත්වය ලබාදෙයි.

බෞද්ධ ආගමික වතාවත් සහ පුද පූජාවන් සිදුකරමින් රත්නපුරින් ආරම්භකරන මෙම පුණ්‍ය කටයුත්ත සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.