Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2019 21:02:02 Hours

වන්නි මළල ක්‍රීඩා තරඟාවලිය උත්සවාකාරයෙන් නිමාවේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ මානසික ස්ථාවරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 හී සමාප්ති උත්සවය සෙනසුරාදා (05) දින අනුරාධපුර පිහිටි උතුරු මැද ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.

මෙම මළල ක්‍රීඩා තරඟාවලිය සෑම වසරකම ප්‍රධාන ක්‍රීඩා තරඟාවලියක් ලෙස සංවිධානය කරනු ලබන අතර 2019 වර්ෂය සඳහා ජයග්‍රහක ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 61, 62 වන සේනාංකයන්හි සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසෙහි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් මෙවර තරඟාවලිය ජනවාරි මස 3 දින සිට 5 දින දක්වා පවත්වන ලදී.

නොයෙකුත් වාර්තාවන් ගණනාවක් බිහිකළ මෙවර තරඟාවලිය තුලින් ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ වෘත්තීමය ක්‍රීඩා කෞෂල්‍යය මැනවින් කැපී පෙනුණු අතර, එය යුද්ධ හමුදාව තුල හමුදා සාමාජිකයින්ගේ සංවර්ධනයට ද මනා අත්වැලක් සපයන සාධනයක් ලෙසද සැලකිල්ලට ලක්විය. මෙවර තරඟාවලියේ දී ලකුණු 241 ක් ලබාගනිමින් සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට 62 වන සේනාංකය සමත් වූ අතර ලකුණු 154 ක් ලබාගත් 21 වන සේනාංකයට තරඟාවලියේ අනුශූරතාවය හිමිවිය.

මෙවර තරඟාවලිය 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සහ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර මෙම අන්තර් සේනාංක මළල ක්‍රීඩා තරඟාවලිය 2018 නැරඹීම සඳහා සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. affiliate tracking url | Nike