Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2020 18:00:06 Hours

වන්නි භටපිරිස් සින්නවලයන්කඩ්ඩු වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ අවහිර වූ A 9 මාර්ගය යළි යථා තත්ත්වයට පත් කරති

‘බුරවි’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අයහපත් කාළගුණික තත්ත්වය නිසා හානි සිදු වූ සින්නවලයන්කඩ්ඩු වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට වවුනියා ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් පසුගිය දින දෙක තුළ ගම්වාසීන්ට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහය වූහ. අක්කර 100 ක පමණ භූමි භාගයක පැතිර තිබෙන සින්නවලයන්කඩ්ඩු වැවෙන් පවුල් 113 ක් අක්කර 200 ක පමණ කෘෂිකර්මාන්තය ජීවිකාව කොටගෙන ජීවත් වෙති. මෙම වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරසන්කුලම් ග්‍රාම නිලධාරි, අයිරිනුප්පුකුලම් වාරි තාක්‍ෂණ නිලධාරි, මඩු සහකාර ප්‍රාදේශිය ලේකම් සහ පරසන්කුලම් ග්‍රාම සංවර්ධන නිලධාරින් යුද්ධ හමුදා භටපිරිස් සමඟ අත්වැල් බැඳගනිමින් තාක්‍ෂණික සහය ලබාදුන්හ. එමෙන්ම, A-9 මාර්ගයේ වවුනියා තැපැල් කාර්යාලය අසල විශාල ගසක් කඩා වැටීම නිසා ඇති වූ මාර්ග අවහිරතා ඉවත් කර A-9 මාර්ගය යළි වාහන ධාවනය සඳහා සුදුසු තත්ත්වයට පත් කිරීමට 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කළ අතර, ඊට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහයෝගය දැක්වූහ. Buy Sneakers | NIKE HOMME