Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2015 19:40:06 Hours

වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය නිමා වේ

මෙවර වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය - 2015 හි ශූරතාවය 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම දිනා ගත් අතර, අනු ශූරතාවය 2 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම හිමිකරගනු ලැබීය. 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය - 2015 අවසන් මහා තරඟ 54 වන සේනාංක වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (5) දින පවත්වනු ලැබූ අතර, එදින ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම අතර සහ ගම්පහ Golden Birds කාන්තා කණ්ඩායම අතර ප්‍රදර්ශණ තරඟයක් ද පවත්වනු ලැබීය. තරඟාවලියෙහි ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතික පත් ප්‍රධානය වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් සිදු කරනු ලැබීය. මෙවර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.ආර්.එල් ලක්මිණ සහ දක්ෂතම ප්‍රහාරකයා ලෙස 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකාය ලාන්ස් කෝප්‍රල් ඒ.ඒ.එන්.එස් පෙරේරා සම්මාන දිනා ගනු ලැබීය.bridgemedia | adidas Yeezy Boost 350