Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2023 11:17:06 Hours

ලෝක පොපි දිනය වෙනුවෙන් කොළඹ, රණවිරු ස්මාරකය අභියසදී දිවිපිදූ රණවිරුවන් සිහිකරයි

ලෝක යුද සංග්‍රාමවලින් ඇතුළු අනෙකුත් යුද සංග්‍රාම වලින් දිවිපිදූ රණවිරුවන්ගේ සැමරුම් දිනය හෙවත් ලෝක පොපි දිනය සෑම වසරකම නොවැම්බර් මස 11 දිනට යෙදී ඇති අතර, එයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 11) දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී විය.

රණවිරුවන් වෙත ගෞරවාචාර පුදකිරීමට පූජ්‍ය සහ පූජක පක්ෂය, දිවිපිදූ රණවිරුවන්ගේ කාලාත්‍රයන් සහ ඥාතීන්, අමාත්‍යවරුන්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති සහ එම සංගමයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ හමුදා ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.

උත්සවය ආරම්භ කරමින් ජාතික ගීය ගායනා කර දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ආගමික වතාවත් පැවැත්වීය. අනතුරුව, රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ යුද්ධ හමුදා ස්මාරක පිළිබඳ විස්තර ඇතුලත් ග්‍රන්ථයක් එළිදැක්වීමත් එම පරිශ්‍රයේදී සියවස් සැමරුම් සමරු ඵලකය නිරාවරණය කිරිමත් ජනාධිපතිතුමන් අතින් සිදුවිය. පසුව ජනාධිපතිතුමන් එදින වැදගත්කම පිළිබඳව උත්සව අවස්ථාවට රැසව සිටි පිරිස ඇමතීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටියහ.

පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ විරෝධාර රණවිරුවන් හට ගෞරවදැක්වීම සඳහා සෑම වසරකම පොපි දිනය සමරනු ලබයි.