Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2017 20:30:37 Hours

ලෝක දියවැඩියා දිනයේ ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ දී දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කරයි

නොවැම්බර් මස 14 වන දිනට යෙදුණ ලෝක දියවැඩියා දිනයට සමඟාමීව කොළඹ යුද්ධ හමුදා රොහලේ ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යපෘතියට අනුව එම රෝහල් පරිශ්‍රයේ දී දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක් බදාදා (15) දින පවත්වනු ලැබීය.

මෙවර ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ දී දියවැඩියා රෝගය සහ එහි සංකුලතාවය පිළිබඳව සෞඛ්‍යය පරික්ෂන සායන, අධ්‍යාපනික වැඩසටහන් සහ දේශන මගින් දැනුවත් කිරීම සිදු කෙරෙණි.

‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ. එස්. එම් විජේවර්ධන, ලුතිතන් කර්නල් ඩි.එස්. හෙයියන්තුඩුව, ලුතිතන් කර්නල් කේ.ඩි.එන්.යු. ජයසිංහ සහ මේජර් ආර්.පි.එම් ප්‍රසංග විසින් බෝ නොවන රෝග සහ සංකුලතා පිළිබඳවත් එම රෝග තත්වයන්ගෙන් ආරක්ෂාවීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මෙහිදි වැඩිදුරටත් දැනුවත් කරන ලදි.

පවත්වන ලද දේශනයන්ට සමගාමීව රුධිර ගත සිනි, රුධිර පීඩනය පරික්ෂා කිරීමත් ශරීර ස්කන්ධ දර්ශකය මැනීමත් එම පරිශ්‍රයේදිම ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ සාමාජිකයන් විසින් සිදු කරන ලදි.

‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ. එස්. එම් විජේවර්ධන විසින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව සමාරම්භක සැසියේදි පැහැදිලි කරන ලදි.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ උපදෙස් පරිදි ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි විසින් යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

යුද්ධ හමුදා සාමාජිකයින් අතර එම රෝගාබාධවල වර්ධනයක් නිරීක්ෂණය කළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සෞඛ්‍ය ප්‍රවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය, පරික්ෂණ සහ නිරීක්ෂණය ආශ්‍රීත ක්‍රමවත් සෞඛ්‍ය ප්‍රරවර්ධන වැඩසටහනක අවශ්‍යතාවය අවබෝධ කරගනීමින් ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ නම් වු සයවිදි ආකෘතී වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.

හෘදයාබාද සහ දියවැඩියාව හේතුකොටගෙන හමුදා සමාජිකයින් අතර ආබාධිතභාවය හා මරණ අනුපාතිකය අඩු කිරීම සඳහා දැනුවත් කිරීමේ සහ මෙවැනි බෝ නොවන රෝගවලට ගොදුරුවීම වැළක්වීමෙන් ආරම්භ කරන ලද මෙම ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ සුවීශේෂි වැඩසටහන දැන් ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් හා ඔවුන්ගේ ඥාතින් රැසක් සහභාගි විය.

bridgemedia | Nike Air Max 270