Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2017 06:02:15 Hours

ලේඛණ සංරක්ෂණ කලාව පිළිබඳව භට පිරිස් දැනුවත් කෙරේ

ප්‍රධාන සංඥා නිලධාරි මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ‘ලිපි ලේඛණ පරිහරණය සහ සංරක්ෂණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (18) දින සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

ඵෛතිහාසික වටිනාකමක් ඇති යුද්ධ හමුදා ලිපි ලේඛණ සංරක්ෂණය කොට දිගු කාලයක් ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳ මෙම දේශනයේ දී අවධාණය යොමු විය.

යුද්ධ හමුදාවේ පරිහරණය කරනු ලබන ලිපි ලේඛණ නිසියාකාරව පරිහරණය කරගන්නා ආකාරය සහ එම ලිපිලේඛණ සංරක්ෂණය කරගන්නා ආකාරය පිළිබඳ ඉතා හරවත් ඵලදායි දැනුවත් කිරීමක් මෙහිදි සිදුවිණි.

මෙම වැඩසටහන සඳහා ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්ෂික දිලිනි ලියනගේ මහත්මිය සහ ශිල්පීය සහකාර කේ.එච්. අශෝකා මහත්මිය විසින් දේශණ සහාය ලබාදෙනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ ස්ථාපිත ශාඛා, අධ්‍යක්ෂක මණ්ඩල සහ ආයතන වල සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.

short url link | Men's Footwear