Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2020 17:51:37 Hours

රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 ක දීආරම්භ කෙරේ

(මාධ්‍ය නිවේදනය)

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන සඳුදා (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලබයි.

අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම මාසයක කාල සීමාවක් පවත්වනු ලබන නේවාසික වැඩසටහනේ පළමු අදියරේදී උපාධිධාරින් 10,000 ක් මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කරගනු ලබන අතර, එසේ අදියර 5 ක් යටතේ බඳවාගනු ලැබූ උපාධිධාරින් 50,000 ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන මෙම වැඩසටහන තුලදී පුහුණු, කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් ලෙස ජාතිය ගොඩනැගීම සඳහා දායකත්වය තීවෘර කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයෙහි සම්බන්ධීකරණය තුලින් ක්‍රියාත්මක කෙරේ.

මෙම ක්‍රමවේදය හරහා අදියරකදී උපාධිධාරීන් 10,000 ක් පුහුණු කිරීම සඳහා රාජ්‍ය අංශය සැලසුම් කර ඇති අතර ‘නායකත්වය හා සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම’, ‘කළමනාකරණ පුහුණුව’, ‘පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන පුහුණුව’, ‘ව්‍යාපෘති කටයුතු සහ ක්ෂේත්‍ර අධ්‍යයනය’, ‘සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව’ වැනි විෂයයන් ඔස්සේ රාජ්‍ය ඵලදායිතාවයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ සේවකයෙකු බිහිකිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථකව නිම කරනු ලබන පුහුණු උපාධිධාරියෙකු පුහුණු කළමනාකරණ කුසලතා, රාජ්‍ය අංශයේ අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධය, උනන්දුව සහ කැපවීම, ආත්ම විශ්වාසය, නවෝත්පාදන බිහිකිරීමේ හැකියාව, නම්‍යශීලීභාවය, මනාදැක්ම වැනි ගුණාංග ප්‍රගුණ කර සමාජයේ ගෞරවයට හා පිළිගැනීමට භාජනය වන කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ නිලධාරියෙකු වශයෙන් සමාජගත වීම අපේක්‍ෂා කෙරේ.

ඔවුන් දිස්ත්‍රික්ක වශයෙන් පුහුණුවෙහි පහසුව සඳහා කොටස් කොට මනා පුහුණුවක් ලබා දී එතුලින් අදාළ ක්‍ෂේත්‍රයන්හී ගැටළු හා විසඳුම් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් තවත් ව්‍යාපෘති සහ ක්‍ෂේත්‍ර අධ්‍යයන වැඩසටහන්වල නිරත වීමට ද මෙම උපාධිධාරින්ට අවස්ථාව උදාවෙනු ඇති අතර ඒ හරහා ශ්‍රම බලකායේ ගුණාත්මක බව හා ආකල්ප ප්‍රවර්ධනය බලාපොරොත්තු වේ.

රාජ්‍ය අංශය වෙත බඳවාගනු ලබන මෙම උපාධිධාරින්ගේ මානසිකත්වය බඳවා ගැනීමේ සිට විශ්‍රාම දිවිය දක්වාම යහපත් ලෙස පවත්වාගෙන යාමෙහි අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් පවත්වනු ලබන යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව නායකත්වය, කළමනාකරණය, අවධානය, විශ්වාසය සහ දිගුකාලීන හා කෙටිකාලීන අරමුණු සඳහා ඵලදායී හා කාර්යක්‍ෂමව කටයුතු කිරීම, ඔවුන්ගේ සංකල්පීය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙයි.

මෙම ප්‍රයත්නයේ කෙටිකාලීන ඉලක්කය ලෙස නායකත්ව කුසලතා සහ ගති ලක්‍ෂණ, කණ්ඩායම් හැඟීම මත පදනම්ව රටේ සියලුම පුරවැසියන්ට උසස් තත්ත්වයේ රාජ්‍ය අංශයේ සේවාවක් සැපයිය හැකි ශක්තිමත්, ඉලක්කගත, විනයගරුක හා කාර්යක්‍ෂම සහ නිපුනතාවයන් වලින් පරිපූර්ණ ශ්‍රම බලකායක් බිහි කිරීමයි. එසේම, වසර පහකට අඩු කාලයක් තුළ සපුරාගැනීමට අපේක්‍ෂිත දිගුකාලීන අරමුණු අතරට පිළිගත් රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායක් ලෙස සංවර්ධනය කිරීම, කාර්යක්‍ෂම යාන්ත්‍රණය, ආකල්ප හා ප්‍රවේශයන් පරිවර්තනය කිරීම, රාජ්‍ය අංශය, සමාජයේ ‘වැඩ කරන සංස්කෘතියක්’ ලෙස ප්‍රවර්ධනය කිරීම, පිළිගැනීමක් සහිත රාජ්‍ය අංශයේ සේවයක් බිහිකිරීම, අඛණ්ඩ සමාජ මෙහෙයුම් අංශ හඳුනා ගැනීම සහ ඇගයීම ආදි වර්ධනයන් අපේක්‍ෂා කෙරේ.

දේශන, සාකච්ඡා, එළිමහන් පුහුණු ක්‍රියාකාරකම්, සමූහ ක්‍රියාකාරකම්, අධ්‍යයන චාරිකා, ශක්‍යතා අධ්‍යයන සහ ක්ෂේත්‍ර අධ්‍යයන මගින් සිදුකරනු ලබන මෙම යුද්ධ හමුදා පුහුණු වැඩසටහන ස්වාධීන මෙන්ම අන්තර් සම්බන්ධීකරණ ක්‍රමෝපායන් 05 ක් යටතේ රාජ්‍ය අංශයේ ක්‍රියාශීලී දායකත්වය සහිතව දියත් කරනු ලබයි. මෙම වැඩසටහන සමඟ යුද්ධ හමුදා පුහුණු ආයතනයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමීපව කටයුතු කරනු ලබති.

මෙම පුහුණු වැඩසටහන මැනවින් පවත්වා ගැනීම වෙනුවෙන් උපායමාර්ගික මගපෙන්වීම් ලබාගැනීම සඳහා පුහුණු වැඩසටහන දියත් කරනු ලබන මාස 05 ක කාලය පුරා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධව කටයුතු කරනු ලැබේ. මෙම පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් විවිධ ක්ෂේත්‍රයන්හී ප්‍රවීණතම සම්පත් දායකයින් සමඟින් නිරන්තරයෙන් සම්බන්ධ වනු ඇත. (නිමාව) jordan Sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth