Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2024 09:19:58 Hours

රණවිරු සේවා අධිකාරියේ නව සභාපති යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

රණවිරු සේවා අධිකාරියේ නව සභාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2024 මාර්තු මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාපතිතුමන් විසින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත සිය සුභපැතුම් පිරිනැමූ අතර, වසර 35 කට අධික කාලයක් සිය වෘත්තීය දිවිය තුළ විවිධ ධූරයන්හි රාජකාරි කටයුතු සිදුකරමින් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී දායකත්වය පිළිබඳ සිහිපත් කළේය. ත්‍රිවිධ හමුදාවේ රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විශ්‍රාමික රණවිරුවන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තවදුරටත් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙසද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිතුමන් දැනුවත් කළේය.

රණවිරු සේවා අධිකාරියේ 10 වන සභාපති ලෙස මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2024 පෙබරවාරි මස 02 දින සුභ මොහොතින් රාජකාරි භාරගනු ලැබීය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරමින් සිය සුභපැතුම් පිරිනමන ලදී.