Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2022 17:31:26 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ශ්‍රී මහා බෝධියේ අංකුර බෝධීන් වහන්සේ නමක් කවුඩාගල ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ රෝපණය කෙරේ

වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් පසුගිය සෙනසුරාදා (15) දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ නමක් විචිත්‍රවත් පෙරහැරකින් එම විහාරස්ථානය වෙත වැඩම කර එම විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණය කරනු ලැබීය.

වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දේවගල ප්‍රඥාසීහාලංකාර හිමිපාණන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් එම ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා, යුද්ධ හමුදා සාමාජිකයින් සහ බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම පුණ්‍ය උත්සවයේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.

මෙම පුණ්‍ය උත්සවය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, මහවැලි ‘එච්’ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමණාකාර ඉන්දික රණවීර මහතා, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම ප්‍රදේශවාසී බැතිමතුන් රැසක් ද එක්වූහ.

මෙම පුණ්‍ය උත්සවයේ සංවිධාන කටයුතු ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජීව් ප්‍රනාන්දු විසින් සිදුකරන ලදී.