Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 19:25:06 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මෙහෙණින් වහන්සේලා වෙත දානමය පිංකමක්

21 වන සේනාංකයේ සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් පසුගිය සඳුදා (26) දින මිහින්තලේ ප්‍රදේශයේ වැඩවසන මෙහෙණින් වහන්සේලා පන්දහසක් උදෙසා දානමය පිංකමක් පැවැත්වීම සඳහා සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.

අනුරාධපුර ප්‍රදේශයේ වැඩවසන මෙහෙණින් වහන්සේලා පන්දහසක් උදෙසා පූජාකරනු ලැබූ මෙම දානමය පිංකම සඳහා අනුග්‍රාහකත්වය දක්වනු ලැබූවේ තායිවානයේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කුලපති බෝදාගම චන්දිම හිමිපාණන් විසිනි.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් හා ආඥාපති උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස, 21 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතින මිහින්තලේ අනුලා මහා සෑ පරිශ්‍රය සම්පූර්ණයෙන් පිරිසිදු කර එහි වැඩවසන මෙහෙණින් වහන්සේලාට භාවනානුයෝගීව පසුවීම සඳහා තාවකාලික කුටි සහ ආසනයන් සම්පාදනය කරන ලදී.

මෙම දානමය වැඩසටහන සඳහා මෙහෙණින් වහන්සේලා විචිත්‍රවත් පෙරහැරකින් වඩම්මවනු ලැබූහ.

මෙම පුණ්‍යමය සත්කාරය වෙනුවෙන් මිහින්තලාව රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී පාදස්ථානයේ විහාරාධිපති, භික්‍ෂූන් වහන්සේලා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, 21 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් මෙන්ම සැදැහැවත් බැතිමතුමන් පිරිසක් ද සහභාගී වූහ.