Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th October 2022 21:09:55 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් 52 ක් වෙත වියළි සලාක පාර්සල්

53 වන සේනාංකය යටතේ ස්ථාපිත 533 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, ඉංජිනේරු ප්‍රසන්න සඳකැළුම් මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත මිහින්තලේ, බෝගහයාය ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභී පවුල් 52 ක් වෙත පසුගිය ඉරිදා (16) දින වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

එම ප්‍රදේශයේ වෙසෙන පවුල්වල වැසියන් මුහුණදෙන විවිධ දුෂ්කරතාවයන් පිළිබඳව භටපිරිස් දැනුවත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලියාගේ සහයෝගය ඇතිව මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා 533 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් එක්වූහ.