Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2021 11:25:39 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කිලිනොච්චියේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ඉදිකල තවත් නිවාස 3 ක් විවෘත කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නවනිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ප්‍රමුඛත්වයක් ලබාදෙමින්ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි වෙතින් තෝරාගත් පවුල් තුනක් වෙනුවෙන් නව නිවාස තුනක් ඉදිකර ප්‍රතිලාභීන් වෙත පසුගියදා භාරදෙන ලදී. සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.    

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ මඟපෙන්වීම හා මුලිකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස්එක්වපූනරින්, කාසිකුඩා ප්‍රදේශයේ පදිංචි සින්නවි නවරත්නම් මහතා වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.

එම නවනිවසභාරදීමේ උත්සවය පසුගිය සිකුරාදා (16) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින්නිවාසලාභියා වෙත සංකේතාත්මකවනව නිවසේ යතුරුභාරදුන්නේය.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහාඅමුද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය මුල්‍යමය දායකත්වයෙන් වැඩි ප්‍රමාණයක් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් වීරගම මහතා විසින් ලබාදෙන ලදී. එමෙන්ම,5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊ.ආර්.ඒ. සිල්වා ගේ සම්බන්ධීකරණයෙන් තවත් දානපතියන් කිහිපදෙනෙකු ද මේ සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.හින්දු ආගමික වතාවත් මධ්‍යයේ පැවැති මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කළේය.නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන් ලියනගම සහ 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊ.ආර්.ඒ. සිල්වා විසින් ලබාදුන්හ.      

මෙම උත්සවයේදී, නව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, උපකරණ, වියළි සලාක, නැවුම් එළවළු සහ එම නිවාසලාභියාගේ ළමුන්ට අවශ්‍ය පාසල් උපකරණ 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින්පරිත්‍යාග කරන ලදී.

මේ අතර,ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චිමේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි, මඩුවිල්නාඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් තවත් එලෙසම නව නිවසක් ඉදිකරදෙන ලදී.

ඒ සඳහා, මූල්‍යමය අනුග්‍රාහකත්වයකොළඹ ප්‍රදේශයේ පදිංචි ලෝලිත ලසන්ත මහතා විසින් ලබාදුන් අතර පසුගිය සිකුරාදා (16) දින පැවති උත්සවයකදී නිවාසලාභින්වෙතඑම නිවස භාරදෙන ලදී. යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච්.එස්. කුමාරසිංහගේ අධික්‍ෂණය යටතේයුද්ධ හමුදා භටපිරිස් විසින්මෙම නව නිවස ඉදිකරන ලදී.

වසර ගණනාවක් නිවසක් නොමැතිව සිටි කිලිනොච්චි, මඩුවිල්නාඩු ප්‍රදේශයේ පදිංචි රාමනාදන් මහතා වෙතනව නිවස ඉදිකරදීමට තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන් මෙම ඒකකයේ භටපිරිස් ඊට අමතරවනව නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ද මෙහිදී පරිත්‍යාග කරන ලදී.

නව නිවස නිවාසලාභින් වෙත භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගි විය. එම අවස්ථාවට පූනරින් දිස්ත්‍රික් ලේකම්,66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන් ලියනගම, පූනරින් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ යුද්ධ හමුදා භටපිරිස්සහභාගිවූහ. එම උත්සව අවස්ථාවේදී,හින්දු ආගමික වත්වත් මධ්‍යයේ නව නිවසේසමරු ඵලකය නිරාවරණය කරමින්එම නිවස නිවාසලාභින් වෙත භාරදෙන ලදී.

එමෙන්ම, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ඉදිකරන ලද නව නිවසක්ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ ප්‍රධානත්වයෙන්ජුලි මස 13 වන අඟහරුවාදා දින පැවැති උත්සවයකදී නිවාසලාභිපිළිමන්තනාරු, මයිල්වනපුරම් ප්‍රදේශයේ පදිංචි ආරුමුගම් නගුලේෂ්වරන් මහතා වෙතභාරදෙන ලදී.

එම නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ගෝකුලන් මහතා විසින් ලබාදුන් අතර නිවස විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්විණි.

උතුරේ අඩු ආදායම්ලාභි ජනතාව අතර සුහදත්වය සහ සංහිදියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතිය යටතේ පසුගිය බ්‍රහස්පතින්දා (22) දින වනවිට ඉදිකිරීමට යෝජිත නිවාස 11 න් නිවාස 9 ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර තවත් නිවාස 2 ක ඉදිකිරීම් කටයුතු තවමත් සිදුකරමින් පවතී.

තවද, එම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, උපකරණ, වියළි සලාක, නැවුම් එළවළු සහළමුන්ට අවශ්‍ය පාසල් උපකරණ නිවාසලාභියා වෙත ප්‍රදානය කළහ.

14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් චමින්ද වන්නිආරච්චිගේ අධීක්‍ෂණය යටතේ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

නවතමයෙන් ඉදිකල නිවස විවෘත කිරීමෙන් පසුව භටපිරිස් ඇමතූමේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පරිත්‍යාගශිලින්ගේ සහයෝගය මත යුද්ධ හමුදා භටපිරිස් සිදුකළ මෙම ව්‍යාපෘතීන් අගය කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය පුද්ගලික අරමුදල් සහ ශ්‍රම දායකත්වය දක්වමින් සිදුකරනු ලබනකැපකිරීම දපැසසුමට ලක්කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව හිසට සෙවණක් නොමැතිව පැල්පත්වල ජිවත්වන පවුල් වෙනුවෙන් මෙම නිවාස ඉදිකරදෙන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති නව නිවාස විවෘත කිරීමේ උත්සව සඳහා භික්‍ෂුන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන් ලියනගම, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල, 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම, පූනරින් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ධර්මපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරින්, කන්දවාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්, මයිල්වනපුරම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් සහ නිවාසලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගි වූහ.