Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 09:38:51 Hours

යුද්ධ හමුදාව නව සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් පැවැත්වු නායකත්ව පුහුණුවට ඉහල ප්‍රතිචාර

සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස නව පත්වීම් ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉතා විධිමත්ව සංවිධානය කරන ලද නායකත්ව පුහුණු පාඨමාලාව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණෙයන් දිවයින පුරා ස්ථාන කිහිපයකම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.

සාලියවැව, කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැති ඉන් එක් නායකත්ව පුහුණු වැඩමුළුවක් පුද්ගලිකවම දැකබලා ගැනිම සඳහා සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ගරු අමාත්‍ය එස්.බී. දිසානායක හා යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සමඟ අඟහරුවාදා (28) දින නිරික්ෂණ චාරිකාවක නිරත විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරිණින් 1521 ක් ඇතුලු නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 ක් සඳහා දිවයින පුරා යුද්ධ හමුදා පුහුණු ආයතන 17 ක පසුගිය අඟහරුවාදා දින සිට දින 19 ක පුහුණු වැඩමුළුවක් ආරම්භ කරනු ලැබීය.

සමාජ සවිබල ගැන්විම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේදි සෑම විටම යුද්ධ හමුදාෙවන් 1/3 ක කොටසක් ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේහිලා සෑමවිටම අනුයුක්තව කටයුතු කල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්මට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් මෙම පුහුණුව සම්බන්ධිකරණය සහ පහසුකම් සැපයීම සිදුකරනු ලබයි.

යුද්ධ හමුදා මුලස්ථාන පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් ගේ උපදෙස් මත දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු පාසල, අම්පාර සටන් පුහුණු පාසල, දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කලත්තෑව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, මින්නේරිය කාලතුවක්කු පාසල, ඇඹිලිපිටිය ඉංජිනේරු පාසල, බුවැලිකඩ සංඥා පාසල, අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසල, කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසල, පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල, මැදවච්චිය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, දෙහිඅත්තකණ්ඩිය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු පාසල යන ස්ථානයන්හි මෙම වැඩමුවව දැන් ක්‍රියාත්මක වේ.

විවිධ ප්‍රදේශයන්හි මෙම නව සමෘද්ධි නිලධාරීන් රාජකාරින් ඉටු කිරීමට නියමිත බැවින් යුද්ධ හමුදා වෘත්තිකයන්ගේ ආධාරයෙන් ඔවුන් සඳහා පුද්ගල සංවර්ධනය, නායකත්වය සහ යහපැවැත්ම පිළිබඳව දැනුම, ආකල්ප වර්ධනය කිරීම පිණිස වූ සමාජ සවිබල ගැන්විමේ අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව මෙම වැඩමුළුව යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, යුද්ධ හමුදා උපදේශකයින් පිරිසක් මෙම පුහුණු වැඩමුළුවන්හි දේශන සහ පුහුණු කටයුතු සිදුකරනු ඇත.

ගරු අමාත්‍යතුමා සමඟින් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මෙම සංචාරයේ දී පුහුණු වැඩමුළුව සඳහා සහභාගි වූ සමෘද්ධි නිලධාරීන් සමඟින් අදහස් හුවමාරු කර ගත් අතර, පරිපාලන ගැටලු පිලිබඳව ද සොයා බලන ලදි.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, එහි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ශශික පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ සමෘද්ධි නිලධාරින් ඇතුළුව සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය තුමාගේ සම්බන්ධිකරණ ලේකම් සුනිල් ගුණවර්ධන මහතා ද මේ සඳහා එක්විය.

spy offers | adidas