Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2024 19:33:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඇල්වල විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායම වෙත සංගීත භාණ්ඩ පරිත්‍යාගයක්

මාතලේ ඇල්වල විද්‍යාලයේ විදුහල්පති සහ ඊ.ඩී.එස්.එන්. ගුණතුංග ගුරුතුමන් ප්‍රමුඛ එම විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මාස්ටර් එන්.එච්.පී.ඕ. බවන්ත, ප්‍රධාන ශිෂ්‍ය නායක මාස්ටර් එස්.ඩී. හේවාවිතාරණ, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක මාස්ටර් ජී.පී. විදුරංග කුමාර, ශිෂ්‍ය නායක මාස්ටර් තීක්‍ෂණ බණ්ඩාර ඇතුළු සිසු සිසුවියන් පිරිසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවී සුහද අදහස් හුවමාරුවක නිරතවිය. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් හා බටහිර තූර්ය වාදක කණ්ඩායම අතර සමරුතිළිණ හුවමාරු විය.

මෙහි දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රයෝජනය වෙනුවෙන් මාතලේ ඇල්වල විද්‍යාලයේ විදුහල්පති කේ.ඒ.බී.කේ.කේ කොඩිතුවක්කු වෙත අත්‍යවශ්‍යව පැවති සංගීත භාණ්ඩ ප්‍රදානය කරණු ලැබීය. සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙම පරිත්‍යාගය එම විද්‍යාලීය විදුහල්පතිතුමන්ගේ ඇගයීමට ලක්විය.

සංගීත භාණ්ඩ පරිත්‍යාගයෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානය වෙත සිදුකරනු ලැබූ සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ සිසුන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකරනු ලැබිණි.