Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2020 00:42:41 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 98 දෙනෙකුගේ නිල උසස් කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 98 දෙනෙකු ඊළඟ නිලයට උසස් කර ඇති බව හමුදා ලේකම් කාර්යාලය සෙනසුරාදා (06) දින උදෑසන නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, කපිතන් නිලයේ සිට මේජර් නිලය දක්වාත් නිලධාරීන් 61 ක්, මේජර් නිලයේ සිට ලුතිනන් කර්නල් නිලය දක්වාත් නිලධාරීන් 19 ක් සහ ලුතිනන් කර්නල් නිලයේ සිට කර්නල් නිලය දක්වාත් නිලධාරින් 4 ක් මෙලෙස උසස් කර ඇත. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරින් 98 දෙනෙකු එක් දිනක් තුළ ඊළඟ නිලයට උසස්වීම් ලද දුබල අවස්ථාව ද මෙය ලෙස සැලකිය හැකිය. Buy Kicks | Nike Releases, Launch Links & Raffles