Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2020 07:00:19 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත වැල්ලවාය ප්‍රදේශයට කෘතීම අත් පා අළුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක්

මොණරාගල, අම්පාර, බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හී වෙසෙන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපිත 5 වන ගැමුණු හේවා බලකා කඳවුර තුළ කෘතීම අත් පා අළුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, රාගම රණවිරු සෙවනේද මීට පෙර මෙවැනි අළුත්වැඩියා කිරිමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.

දුෂ්කර ප්‍රදේශවල වෙසෙන විවිධ හැකියාවන්ගෙන් සමන්විත රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට තම කෘතීම අත් පා අලුත්වැඩියා කරගැනීමට යාමේදී බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇති අතර, මෙවැනි ව්‍යාපෘති තුලින් ඔවුන්ගේ එවැනි අපහසුතාවයන් අවම කිරීමට වේ. යුද්ධ හමුදා කඳවුුරුවල සේවයේ නියුතු රණවිරුවන්ට මෙවැනි දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි වුවද මතුවන විවිධ දුෂ්කරතාවයන් හේතූවෙන් එම කටයුතු ඉටුකරගැනීමට යාමේදී දැඩි පරිශ්‍රමයක් සහ කාලයක් වැය කිරීමට සිදුවනු ඇත.

5 වන ගැමුණු හේවා බලකා කඳවුරේ පිහිටි මෙම නව වැඩපල තුලින් මොණරාගල, අම්පාර, බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථීර පදිංචි රණක්‍ෂිතයට පත් රණවිරුවන් 1013 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වේ.

මෙම අවස්ථාව සඳහා රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අජිත් සේනාධීර, ගැමුණු හේවා බලකා කඳවුරේ දෙවන අණදෙන නිලධාරි, නව සේවා වැඩප‍ලේ නිලධාරි අණදෙන සහ එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් වීරෝධාර රණවිරුවන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Mysneakers | Nike Shoes