Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2021 13:42:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනී

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදාවීමත් සමග ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය බ්‍රහස්පතින්දා (15) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ආශීර්වාද ලබාගත්හ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ ලේකම්තුමන් විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. ශ්‍රී දළදා මාලිගාව වැදපුදාගත් යුද්ධ හමුදාධිපතිතුමන් බැතිමතුන් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

මෙම අවස්ථාවට 11 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. Best jordan Sneakers | Nike Shoes