Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2020 16:22:08 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ගේ සේවය ඇගයුමට ලක්කරයි

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ජයනාත් ජයවීර අද (25) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එම හමුවේදී, මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් දැරු තනතුරුවලදී රාජකාරීන් සඳහා දැක්වූ කැපවීම පිළිබඳව සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක ධූරය දැරු කාල සීමාවේදී එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම එහි විෂය මාලාවට නව විෂය නිර්දේශයක් එක් කිරීම වෙනුවෙන් මුලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන් වෙත ප්‍රශංසා කළේය.

තවද එතුමන්ගේ විශ්‍රාම දිවියේ අනාගත අපේක්‍ෂා පිළිබඳවද කරුණු විමසා සිටි යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ මූලිකත්වයෙන් යුතුව සිදුකරනු ලැබු නිවාස ව්‍යාපෘති, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ අනෙකුත් සුභසාධන කටයුතු මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායකවරයා ලෙස එම රෙජිමේන්තුවේ යටිතල පහසුකම් ආරම්භ කරමින් සිදු කළ අනගි මෙහෙවර පිළිබඳව එතුමන් වෙත ප්‍රශංසා කළේය.

එතුමන් සිය වෘත්තීය ජීවිතය තුළ ‍පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ, හමුදා මාධ්‍ය ප්‍රකාශක හා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම දැරු අනෙකුත් උසස් තනතුරු සහ එහි කාර්යභාරය පිළිබඳ සිහිපත් කළේය. එක්සත් රාජධානියේ රාජකීය විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන පාඨමාලාව හඳරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ත්‍රස්තවාදයට එරෙහි සටනේ ජයග්‍රහණය කරා යන ගමනේදී යුදබිමේ ලැබූ අත්දැකීම් සිහිපත් කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් අමතක නොකළේය.

මෙම සුහද හමුවේදී නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් මේ වනවිට සිදුකරනු ලබන මෙහෙවර වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයුමට ලක් කරමින් සංකේතාත්මක විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. Best Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5