Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2017 00:15:49 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් ඉදිරි දැක්ම පහදයි

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සිදු කල ප්‍රථම නිල සංචාරය සිකුරාදා (01) දින සිදු වූ අතර, එහිදි ඉතා ඉහළින් යුද්ධ හමුදාධිපති තුමන් පිළිගනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, යුද්ධ හමුදාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 14 සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති තුමන්, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී දේශය වෙනුවෙන් දිවිපිදු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයකට එක්වු අතර, තම සංචාරය සනිටුහන් කරනු වස් සමුහ ඡායාරූපයකට පෙනී සිට අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති තුමන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් අමතමින් සිය දේශනයේ දී රටෙහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් යහපත් විනයක් සෑම මට්ටමකදිම පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ. යුද්ධ හමුදා සමාජිකයින් ඔවුන් සේවය කරන ප්‍රදේශයන්හි සමාන්‍ය වැසියන් සමඟ යහපත් සබධතාවයන් පවත්වාගැනීමේ වැදගත්කමත් වාර්ගීක එකමුතුභාවය අන්නෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ඇතිකිරීමේහිලා ආරම්භ කර ඇති ව්‍යාපෘතින් හී වැදගත්කම පිළිබඳව ද තවදුරටත් අවධාරණය කළහ. දේශනය අවසානයේ දී යුද්ධ හමුදාධිපති තුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම සංචාරයේ දී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ වගකිම් සහ කාර්යභාරයන් පිළිබඳවත් එම ප්‍රදේශයේ ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු සහ ව්‍යාපෘතින් පිළිබඳවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කෙරුණු අතර, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වූ සියලු සේනාකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් එම නිල සාකච්ඡාවන්ට සහභාගි විය.

මෙම සංචාරයේ දී යුද්ධ හමුදාධිපති තුමන් ප්‍රතිස්ථාපනය කරන ලද මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස් කාර්යාල පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර, එහිදි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් චන්න ඇටිපොළ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගෙන එහි කාර්යභාරය පිළිබඳව ද පැහැදිලි කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය සනිටුහන් කරනු වස් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කල අතර, නික්ම යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි ද සමරු සටහනක් තැබීමට ද යුද්ධ හමුදාධිපති තුමන් අමතක නොකළහ.

Running sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov