Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st March 2024 18:01:01 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ගජබා රෙජිමේන්තු භටපිරිස් ආමන්ත්‍රණය කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 30 දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවේ අභිමානවත් සාමාජිකයෙකු වශයෙන් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී අභියෝගාත්මක කාලවලදී විනය පවත්වාගනිමින් රාජකාරි කටයුතු සිදුකිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. තවද, වෘත්තීයභාවයේ උසස් ප්‍රමිතීන් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ පෙන්වාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් පිළිබඳව ද පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.