Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 20:04:09 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් ඉදිරි දැක්ම පහදයි

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, බ්‍රහස්පතින්දා (30) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රථම නීල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල අතර, එහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඇතුළු කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සියලු සේනාකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ බළඇණි අණදෙන නිලධාරින් සමඟ සුහද සාකාච්ඡාවක් පැවති අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනා සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඔහුගේ ඉදිරි දැක්ම ද පැහැදිලි කළහ.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ පිහිටි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී නිලධාරින් 150 ක් සහ සෙසුනිලයින් 1200 කට වැඩි පිරිසක් ඇමතුහ. යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි සියලුනිලයින් සමඟ තේපැන් සංග්‍රහයකට සහභාගි වු අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය සනිටුහන් කරනු වස් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේ දී රටෙහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් යහපත් විනයක් සෑම මට්ටමකදිම පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ. යුද්ධ හමුදා සමාජිකයින් ඔවුන් සේවය කරන ප්‍රදේශයන්හි සමාන්‍ය වැසියන් සමඟ යහපත් සබධතාවයන් පවත්වාගැනීමේ වැදගත්කමත් වාර්ගීක එකමුතුභාවය අන්නෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ඇතිකිරීමේහිලා ආරම්භ කර ඇති ව්‍යාපෘතින් හී වැදගත්කම පිළිබඳව ද තවදුරටත් අවධාරණය කළහ.

වර්ෂ 2018 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තේමාපාඨය වන ‘රට රකින ජාතිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ පිළිබඳව පහදමින් රටේ ඉදිරි සංවර්ධනය උදෙසා සියලුදෙනාට යුද්ධ හමුදාව තුල කැපවීමකින් යුතුව ක්‍රියා කල යුතු බවත් පෙන්වා දුන්හ. යුද්ධ හමුදා සමාජිකයකුට දියහැකි හොඳම සුභසාධනය මනා පුහුණුව බවත් විශ්‍රාමයාමෙන් අනතුරුව සියලුදෙනා දේශපාලනයට සම්බන්ධ නොවීය යුතු බවත් පසුගිය යුධ සමය සහ සිදුවීම් අමතක නොකල යුතු බවත් පැවසීය. එසේම නීතිවිරෝධි ක්‍රියාවන්ට ගොදුරු නොවීය යුතු බවත් ඉන් යහපත් ප්‍රතිරූපයට හානි පැමිණෙන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල අතර, සියලුනිලයින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අලිමංකඩ පිහිටි හසලක ගාමීණි අනුස්මරණ සංකීර්ණය වෙත පැමිණි අතර, එහිදි නවතමයෙන් ඉදිකරන ලද සියලුනිල නවාතැන් සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබීය.

පූනරීන් පිහිටි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ ආරාධනයෙන් එම සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානය (Main Dressing Station ) ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබීය. තවද එම අවස්ථාවේ දි යුද්ධ හමුදාධිපතිතුමන් සියලුනිලයින් හමුවී අදහස් ද හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංචාරය සිහිවනු වස් 66 වන සේනාංක පරිශ්‍රයේ ද පැළයක් රෝපණය කල අතර, සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. යුද්ධ හමුදාධිපතිතුමන් කඳවරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි ද සමරු සටහනක් තැබීය.

යුද්ධ හමුදාධිපති තුමන් දෙසැම්බර් මස 1 සහ 2 දිනයන් හී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කිරීමට ද නියමිතව ඇත.

bridgemedia | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp