Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2023 08:10:53 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී හමුවෙයි

මෙම සුහද හමුවේදී, දෙරටෙහි ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් දෙපාර්ශවය විසින් කලාපය තුළ ක්‍රියාත්මක කරනු ලබන ද්විපාර්ශ්වික ආරක්‍ෂක උපායමාර්ගයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. සුහද හමුව සමාප්තියේ, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ සහ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි බ්‍රිගේඩියර් බී.එම්.ඒ. බාලසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.