Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 18:06:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් කාර්යාලයේ හමුදා උපදේශකතුමන් හමුවෙයි

ඉන්දියානු නිල සංචාරය අතරතුරදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ඉන්දියානු ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් කාර්යාලයේ හමුදා උපදේශක එයාර් මාර්ෂල් සන්දීප් සිං පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑම් ඒඩීසී වීසීඒඑස් (විශ්‍රාමික) (Air Marshal Sandeep Singh (Rtd) PVSM AVSM VM ADC VCAS) හමුවිය.

මෙම සුහද හමුවේදී, දෙරටෙහි ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, කලාපීය ආරක්‍ෂාව සම්බන්ධ කරුණු, සන්නද්ධ හමුදාවන් සඳහා නවීන තාක්‍ෂණය භාවිතා කිරීම, හමුදා පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව සහ නව ආරක්‍ෂක උපායමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාවට යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ සමූහ ආරක්‍ෂක සම්බන්ධීකරණ සහ පුද්ගලික ආරක්‍ෂක නිලධාරී බ්‍රිගේඩියර් බී.එම්.ඒ බාලසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූහ. සුහද හමුව සමාප්තියේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් දින පහක (දෙසැම්බර් මස 03 – 07) නිල සංචාරයක නිරතව සිටින අතර, එම සංචාරය අතරතුර එතුමන් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ ඉන්දීය රණවිරුවන්ට ගෞරවාචාර දැක්වීම, නවදිල්ලියේ ‘South Block lawns’ හිදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීම සහ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී සහ ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සමඟින් සුහද හමුවන්ද පැවැත්වීය.