Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2022 20:00:59 Hours

යුද්ධ හමුදා විධායක ජෙනරාල්, තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංචාරයක

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා (22) දින රත්මලාන ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංචාරයක නිරත වෙමින් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබලන ලදී.

එම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.බී. බෙන්ජමින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.බී. බෙන්ජමින් සමඟ එක්ව කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පරිපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද එක්වූහ.