Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා යතුරුපැදි හා මෝටර් රථ ධාවකයින් ‘ගනර් සුපර් ක්‍රොස්’ හිදි දස්කම් දක්වයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLASDA) විසින් 12 වන වරටත් පැවැත් වු ‘ගනර් සුපර් ක්‍රොස් - 2017’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ධාවන පථයේ දී පසුගිය (08) වන දින සාර්ථකව පැවැත්විය.

මෙම තරඟාවලිය යතුරුපැදි ධාවන ඉසව් 12 ක්, මෝටර් රථ තරඟ ඉසව් 12 ක් හා ජිප් රථ ධාවන තරඟ ඉසව් 02 කින් සමන්විත වු අතර, මෙය නැරඹිම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගිව සිටියහ. මෙම තරඟාවලියෙන් ලැබෙන අරමුදල් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආබාධිත රණවිරුවන්ගේ, මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයවලුන්ගේ සහ දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධන කටයුතු පිණිස යොදවනු ලැබේ.

‘ගනර් සුපර් ක්‍රොස් - 2017’ හිදි හොඳම මෝටර් රථ ධාවකයා ලෙස ආශන් සිල්වා ද, හොඳම යතුරුපැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන් ද කුසලාන ලැබිය.

තරඟාවලියේ යතුරු පැදි ධාවකයින්, මෝටර් රථ සහ ජිප් රථ ධාවකයින් තියුණු ලෙස තරඟ කරන අයුරු දක්නට ලැබුණු අතර, එම ක්‍රිඩකයින් අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද විය.

මෙම තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වු අතර, ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීම ද ඔහු අතින් සිදුවිය.

යුද්ධ හමුදා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් මෙම තරඟාවලියේ දී දක්වු දක්ෂතා පහතින් දැක්වේ :

ට්‍රක් සහ ජිප් රථ විවෘත ඉසව්ව :

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ජේ.කේ.ඩි.ජී. ජයසිංහ - දෙවන ස්ථානය

ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.එම්.එස්.ආර්.එම්.බී වීරකෝන් - දෙවන ස්ථානය

ස්ටැන්ඩඩ් 250 cc ධාවන පැදි ජාතික ඉසව්ව :

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල කුමාරසිංහ - තෙවන ස්ථානය

රේසින් 125 cc ධාවන පැදි ආරක්ෂක සේවා ඉසව්ව :

විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් පී.ආර් විජේරත්න - දෙවන ස්ථානය

රෙසින් මෝටර් සයිකල් 250 cc ජාතික ඉසව්ව :

ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - පස්වන ස්ථානය

affiliate tracking url | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers