Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2020 07:06:19 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ විකාශය කරනු ලබන ප්‍රවෘත්ති විකාශයට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්

යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් හඳන්වාදෙනු ලබන නව වැඩසටහනක් ලෙස යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය තුළ සිටින සෙසු නිලයන්ගේ පුවත් වාර්ථා කිරීමේ සහජ කුසලතා උපයෝගී කරගනිමින් වඩාත් වැදගත් යාවත්කාලීන කිරීම් සහිත හමුදාමය සහා හමුදාමය නොවන පුවත් දෛනිකව විකාශය කිරීම අද (18) දින මධ්‍යහනේ සිට ආරම්භ කරනු ලැබිණි.

සන්නිවේදනය මෙන්ම විකාශනය සඳහා දක්‍ෂතාවයන් සහිත සෙසු නිලයන් අතර එම කුසලතා ඔප්නැංවීම හා දිරිගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේදී ප්‍රවෘත්ති වාර්ථාකරණය, සජීවි කතිකාවත් පැවැත්වීම, නවීකරණය කිරීම, සංස්කරණය සහ නිවේදනය කිරීම වැනි සහජ කුසලතාවන්ගෙන් පිරිපුන් සෙසු නිලයින් විසින් දෛනිකව පුවත් විකාශය කිරීමට නියමිතව ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පූර්ව පටිගත කරන ලද පණිවුඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ගේ කාලෝචිත පියවර පිළිබඳව සමාරම්භක ප්‍රවෘත්ති විකාශයේදී සිය කෘතඥතාවය සහ සුබ පැතුම් එක් කළේය.

යුද්ධ හමුදා පුවත් විශේෂාංග, කාලීන පුවත්, ජාත්‍යන්ත පුවත්, අධ්‍යාපනික හා ක්‍රීඩා පුවත් ඇතුළත් නව පුවත් විකාශය සතියේ දින පහ තුලම පස්වරු 01.00ට යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බළලත් නිලධාරි ඒ.ඒ.එන්.පී. අමරසිංහ සහ කෝප්‍රල් එච්.එබ්ලිව්.ඒ චතුරානි විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම පුවත් විකාශණයේ සමාරම්භක අවස්ථාව සඳහා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. Sports Shoes | Men’s shoes