Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2024 14:57:54 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සෙනසුරාදා (මාර්තු මස 09) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සපැමිණි එතුමන් එම පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ රාජපක්‍ෂ ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දැනට පුහුණු පාසල මඟින් පවත්වනු ලබන Global Peace Operations Initiative (GPOI), pre-deployment courses, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ මානව හිමිකම් පිළිබඳ මූලික සහ උසස් පාඨමාලා සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස පිළිබඳව දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී එහිදී භටපිරිස් අමතමින් හමුදා සාමාජිකයින් වශයෙන් විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. ඉන් අනතුරුව, එතුමන් එම සංචාරය සනිටුහන් කරමින් පුහුණු ආයතන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර එම පුහුණු ආයතනයේ සේනාවිධායක ඇතුළු කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ කටයුතු සිදුකරමින් පුහුණු ආයතනයේ යටිතල පහසුකම් පිළිබඳ සොයාබලමින් එම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද එතුමන් විසින් ලබාදෙන ලදී.