Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් Pro-AM Series තුන්ප්‍රයාම තරඟාවලියේ දී දස්කම් දක්වයි

Ironman 70.3 ක්‍රීඩා තරඟාවලියට සමගාමීව පවත්වන ලද Pro-AM Series තුන්ප්‍රයාම තරඟාවලිය ඔක්තෝම්බර් මස 28 වන දින ටොරින්ටන් චතුරශ්‍රයේදි පැවැති අතර එහිදි යුද්ධ හමුදා තරඟකරුවන් කිලෝමීටර් 5 ක්, කිලෝමීටර් 2.5 ක් මාර්ග ධාවන ඉසව්වක් සහ කීලෝමීටර් 20 ක් පාපැදි ධාවන ඉසව්වක් සිදුකරනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 27 ක් සහභාගි වූ අතර ඒ අතරින් ලබාගත් ජයග්‍රහණයන් පහත පරිදි වේ.

ලාන්ස් කෝප්‍රල් එච්.ඩී.ඒ. චන්ද්‍රසිරි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය (1 වන ස්ථානය)

සාමාන්‍ය සෙබල ආර්.ඩි.එන්.එස් කුමාර - ගැමුණු හේවා බළඇණිය (3 වන ස්ථානය)

සාමාන්‍ය සෙබල කේ.එස්. උදයංග - ගැමුණු හේවා බලඇණිය (4 වන ස්ථානය)

බොම්බඩි කේ.කේ.ජි.එස්.කුමාරසිංහ - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (6 වන ස්ථානය)

තුවක්කු සෙබල සී.එම්.ඩි.එච්. චතුරංග - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (7 වන ස්ථානය)

ලාන්ස් කෝප්‍රල් කේ.ජි.එස්.එස්. කැලුම් - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය (8 වන ස්ථානය)

ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එස්. සමරසිංහ - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව (10 වන ස්ථානය) buy footwear | Nike SB