Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2022 21:20:12 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පැවති ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 23 සාර්ථකව අවසන්

ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පැවති ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 23 හි සමාප්ති උත්සවය 2022 නොවැම්බර් මස 28 දින පැවතිණි. එම උත්සවයේ සමාප්ති දේශණය සිදුකරනු ලැබූවේ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම්. ප්‍රනාන්දු විසිනි.

2022 ඔක්තෝම්බර් මස 03 දින ආරම්භ කළ මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 59 දෙනෙකු සහභාගී වූහ.

දැනට පවතින භඨකාර්ය සම්පාදන ක්‍රියා පටිපාටිවල න්‍යායන් සහ ප්‍රායෝගික අභ්‍යාසයන් පාඨමාලා විෂය මාලාවට ඇතුලත් කරන ලදී. එහිදී, ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය සහ පරිගණක පිළිබඳ අධ්‍යයනයෙන් පසුව ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඓතිහාසික හා අධ්‍යාපනික වශයෙන් වැදගත් ස්ථානවල සංචාරයක නිරත වූහ.

පාඨමාලාව හැදෑරූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් අමතමින් යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක පාඨමාලාවේ අන්තර්ගතය අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සහ නියමිත පරිදි පාඨමාලාව සාර්ථකව නිමකිරීමේ වැදගත්කම පිළිබඳව වැඩිදුරටත් කරුණු අවධාරණය කරන ලදී.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් ඩී.එම්.එස්.එල්. දිසානායක සමත් වූවාය. එමෙන්ම, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මාණ්ඩලික සැරයන් එච්.ජී.ආර්.සී රත්නායක දෙවන ස්ථානයත්, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් ඩී.කේ.ජී.සී.ඒ.කේ. කරුණාරත්න විසින් තෙවන ස්ථානයත් හිමිකරගන්නා ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, උපදේශක මණ්ඩලය, ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහභාගී වූහ.