Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 20:02:38 Hours

යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සහන සේවා මෙහෙයුම් වල

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනනින් පසුගිය පැය 24 ක කාලය තුළ ඇතිවු සුළි කුණාටු හේතුවෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශයන් හී ආපදා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වල බ්‍රහස්පතින්දා (30) දින සන්ධ්‍යාව වනවිටත්නිරතව සිටියි.

මධ්‍යම සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයන්හි භට පිරිස් පොලිසිය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන (Disaster Management Centre), අනෙකුත් ආරක්ෂක සේනා සහ කොළඹ, ගම්පහ, බදුල්ල, රත්නපුර, ගාල්ල, කළුතර, මොණරාගල, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ සෘජු සම්බන්ධිකරණයෙන් හදිසි ආපදා සහන සේවා සපයමින් සිටි.

581 වන බලසේනාවේ නිලධාරින්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 114 දෙනෙකුට වැඩි පිරිසක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගයන්ට සහ දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස් සහ අනෙකුත් දේවල් ඉවත් කරමින් ප්‍රදේශයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කර ඇත.

බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ උපදෙස් මත 58 වන සේනාංකයේ භට පිරිස් අනෙකුත් ප්‍රදේශන්හි මාර්ග කිහිපයකට කඩා වැටුණු ගස් ඉවත් කරමින් රථවාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත් කරන ලදි. තවද බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ උපදෙස් මත රජයේ බලධාරින් සමඟ එක්ව අවතැන් වු සිවිල් වැසියන් ආරක්ෂක ස්ථාන වල රඳවා අවශ්‍යසහන සේවා කටයුතු සපයමින් සිටියි.

මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් අනුව එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් දියතලාව, බෙරගල, හපුතලේ සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ මාර්ගයන්ට කඩා වැටුණු ගස් ඉවත් කරමින් රථවාහන ගමනා ගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් සිටියි. තවද දියතලාව ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටිමෙන් අනතුරට පත් සිවිල් වැසියන් දෙදෙනෙකු ද ගලවා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ.

මෙම ආපදා සහන මෙහෙයුම් යුද්ධ හමුදා මුලස්ථාන ක්‍රියාන්විත අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණය යටතේ සිදු කරනු ලබයි.

Best Authentic Sneakers | adidas poccnr jumper dress pants size