Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2022 18:45:56 Hours

යුද්ධ හමුදා භටපිරිස් සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 231 වන බලසේනා බලප්‍රදේශයට අයත් 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ බුද්ධි අංශ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව කල්කුඩා පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග එක්ව සිදුකරනු ලැබූ වැටලීමකදී රුපියල් 340,000.00 ක වටිනාකමකින් යුත් ‘මෙතම්ෆෙටමින්’ (අයිස්) නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබී රුපියල් 16,500.00 ක වටිනාකමකින් යුත් මුදල්, ජංගම දුරකථන හතරක් සහ මෝටර් රථයක්ද සොයාගත් අතර, එම සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් කල්කුඩා පොලිස් ස්ථානය වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින භාරදීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිරගේ උපදෙස් මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 231 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැටලීම සාර්ථක අයුරින් සිදුකර තිබිණි.