Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2022 16:57:03 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් වනාතවිල්ලුව පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත පෞර්ෂ වර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වයි

58 වන සේනාංකය වෙත වනාතවිල්ලුව, බණ්ඩාරනායකපුර විද්‍යාලය වෙතින් සිදුකළ ඉල්ලීමට අනුව එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් විසින් ශිෂ්‍ය නායක නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (26) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්වීය.

මෙම වැඩසටහනේදී නායකත්ව ගුණාංග, පුද්ගල විනය, ආචාරශීලී බව, දරාගැනීම, විවිධාකාර සමාජ ගැටළු විසඳීම සහ පෞර්ෂ සංවර්ධනය වැනි කරුණු පිළිබඳ ශිෂ්‍ය නායක නායිකාවන් දැනුවත් කරන ලදී. මීට අමතරව එම සේනාංකයේ භටපිරිස් විසින් සරඹ පිළිවෙත සහ බාධක මඟහැරවීමේ ක්‍රමවේදයන් පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදුකළහ.

මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ විසින් සිදුකරන ලදී.

එමෙන්ම, නිලධාරීන් සහ සෙසුනිලයින් ද මෙම වැඩසටහනට සිය පූර්ණ සහයෝගය ලබාදුන්හ.