Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 10:11:36 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් පුත්තූර්හි ශාන්ත ලූකස් වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාර වේලක් පිරිනමයි

මෙවර නත්තල් දිනය නිමිත්තෙන් 52 වන සේනාංකයේ සහ 521 වන බලසේනාවේ භටපිරිස් සමගින් 11 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් ඒකාබද්ධව යාපනයේ පුත්තූර්හි පිහිටි ශාන්ත ලූකස් වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීම සහ එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ප්‍රණීත දිවා ආහාර වේලක් පිරිනැමීම පසුගිය සිකුරාදා (23) දින සිදුකරනු ලැබීය.

521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික පෙරේරාගේ ආරාධනයෙන් 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.