Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා පැසිපන්දු ක්‍රීඩකයින් වර්ෂ 1977 න් පසු ජාතික තරඟාවලියට

දිවයින පුරා සිවිල් සහ හමුදා පැසිපන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 53 වන ජ්‍යෙෂ්ඨ ජාතික පැසිපන්දු තරඟාවලියේදී යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම සහ වෙළෙඳ සේවා පැසිපන්දු කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් පසුව යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගත්හ.

දිවයින පුරා පැසිපන්දු කණ්ඩායම් 10 ක් තරග වැදුණු මෙම තරගාවලිය පෙබරවාරි මස 14 දින සිට 20 දින දක්වා පැවැත්විණි.

වෙළඳසේවා පැසිපන්දු කණ්ඩායම සහ යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම අතර ඉකුත් ඉරිදා (20) දින පැවති අවසන් මහා තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් හිරෝෂ් වනිගසේකර ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායමේ පුහුණු උපදේශක එස්. සෙල්වරාජා මහතා විසින් ලබාදුන් නිසි පුහුණුව සහ ක්‍රීඩකයින්ගේ කැපවීම මත වර්ෂ 1977 න් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායමට ජාතික තරඟාවලියකදී අවසන් තරඟයට තේරීපත්වීමට අවස්ථාව උදාවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කෙරිණි.