Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2023 21:59:57 Hours

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී, 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (13) දින ඉරණමඩු ප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

9 ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානය වෙත සපැමිණි ප්‍රධාන සංඥා නිලධාරී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බී.එම්.එම්.බී හේරත් ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් ඒකක මූලස්ථානය වෙත පිළිගත්තේය.

සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම ඒකකයේ සියලුම කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා එක්වීය. භටපිරිස් ඇමතීමෙන් පසුව එතුමන් වෙත 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟින් සුහඳ අදහස් හුවමාරුවක නිරත විය. අනතුරුව කඳවුරු පරිශ්‍රය තුළ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත වූ ප්‍රධාන සංඥා නිලධාරි වෙත ඒකක අණදෙන නිලධාරී සහ අනෙකුත් නිලධාරීන් විසින් ඒකකයෙහි පරිපාලන කටයුතු සහ සන්නිවේදන අවශ්‍යතා සම්බන්ධයෙන් පවතින වර්ථමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කරනු ලැබීය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.